හොඳයි. අපි දැන් අපේ පලවෙනි වෙබ් පාදම් කරගත් වැඩ සටහන ලිවීමටයි. මෙම වැඩ සටහන ඉතා මත් සරල වැඩ සටහනක්. මෙම වැඩසටහන Hello World කියා ද හඳුන්වයි.
වැදගත්: මෙම වැඩසටහව නෝට් පෑඩ් එකෙන් හෝ ඔබට කැමති editor එකකින් ලිවිය හැක.
මෙන්න වැඩසටහන.
<%@ Page Language=”C#” %>
<html>
<head>
<title>First Application</title>
<script runat=server>
void displayText()
{
Response.Write(”Hello World!!”);
}
protected void Page_Load(object sender, EventArgs e)
{
displayText();
}
</script>
</head>
</html>
අන්තිමට මෙය ඔබෙග් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති තැටියේ ඇති wwwroot ගොනුව තුල තවත් ගොනුවක් සාදා එයට මෙම වැඩසටහන දමන්න (save).
දැන් ඔබ ඔබෙග් පලෙවනි වැඩසටහන ආරම්භ කිරීමට සූදානම්.
මෙය සිදුකිරීමට ස්ටාර්ට් මෙනූවෙන් රන් තෝරා එය තුල http://localhost/folder_name/filename.aspx කියා ටයිප් කරන්න
වැදගත්: මෙහි ඇති folder_name වෙනුවට ඔබ සෑදූ ගොනුවේ නම යොදන්න. තවද filename.aspx වෙනුවට ඔබ save කරපු ෆයිල් එකේ නම යොදන්න.
ප්‍රතිඵල නරඹන්න…